Stop Loss - ii

මීට කලින් ලිපිය හරහ කිව්වනෙ Stop Loss කියන සංකල්පය ගැන. ඒ ලිපිය නොකියවපු කෙනෙක් ඒක මුලින් කියවල එන එක වැදගත් වෙයි. ඒ ලිපියට මෙතනින් යන්න. ඒවගේම ඒ ලිපියෙ අවසානයෙදි සටහන් කලා ඇත්තටම කොළඹ කොටස් වෙළඳපළ තුල තියෙන සමාගමක කොටස් මිල ඉහල පහල යෑම ගැන සටහනකුත් එක්කම Stop Loss සංකල්පය පැහැදිලි කරනව කියල. ඒත් එක්කම අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්න Stop Loss කියන සංකල්පය වැඩිදුර පැහැදිලි කරන්න.

උඩින් තියෙන්නෙ බයිරහා ෆාර්ම්ස් පී. එල්. සී කියන සමාගමේ දෛනික මිල වෙනස් වීමේ ප්‍රස්ථාරයක්.  (තියෙන එක කුළුනකින් කියවෙන්නෙ දවසක මිල වෙනස් වුන පරාසය. මේවට කැන්ඩල්ස් කියල කියනව)  BFL.N0000 කියන්නෙ ඒ සමාගමේ සංඛේත නාමය. මේ ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ අටවෙනිද ඉඳන් ජූලි මාසය වෙනකම් සිදුවුන මිල වෙනස් වීම. මිල පරාසය රු. 475 - රු. 255 වෙනකන්.

යම්කිසි ආයෝජකයෙක් A කියල සලකුණු කරල තියෙන තැනදි කොටස් මිලදී ගැනීමක් කලා කියල හිතමු. එදා දවසෙ මිල පරාසය රු. 472 - 485 අතර තමයි පැවතුනේ. අපි හිතමු මේ පුද්ගලය කොටසකටරු. 475 ක් විදිහට කොටස් 100 ක් මිලට ගත්ත කියල. සම්පූර්ණ ගනුදෙනුවෙ වටිනාකම රු. 47500 ක්. මේ පුද්ගලයගෙ බලාපොරොත්තුව මේ කොටස් එකක් රු 500 ගනනෙ විකුණන්න කියල හිතමු. ( අවස්ථාවට කලින් මේ සමාගමේ කොටස් රු. 525 වෙනකන් ඉහල ගිහින් තිබුන) නමුත් මේ පුද්ගල‍ය හිතපු නැති විදිහට පහුවදා ඉඳන් කොටස් මිල පහල බහින්න පටන් ගන්නව. මේ පුද්ගලය 10%ක අවධානමක් පමණයි ගන්නෙ කියල Stop Loss එක තියල තිබුන නම් මේ පුද්ගලයගෙ අලාභය රු. 4750ක්. නමුත් Stop Loss එකක් නොතිබුනා නම් මොකද වෙන්නෙ.

කෙටස් මිල දිගටම පහලට එනව. B කියන තැනදි ආපහු මිල ඉහල යෑමක් ගැන බලාපොරොත්තුවක් ආයෝජකයට ලබා දෙනව. ඒ වුනත් සිද්දවෙන්න පහුවදාම C කියන තැනින් ආපහු කොටස් මිල පහලට ඒම ආරම්භ වීම. ගිය සිකුරාද (2011-09-09) වෙනකොට මේ සමාගමේ කොටසක මිල රු. 258.50 ක්. Stop Loss එකක් නොතියපු මේ පුද්ගලය තමන්ගෙ පාඩුව කීය වෙනකම් මේ කොටස් විකුණන්නෙ නැතුව ඉඳීද කියන එක ප්‍රශ්නයක්. දවසින් දවස කොටස් මිල පහලට ඒමත් එක්ක ඇතිවෙන පීඩනය හින්ද ඊළඟ වතාවෙ කොටස් මිල ටිකක් ඉහල ගිය ගමන් විකුණන්න තියෙන ඉඩ වැඩී. නමුත් එතනදි සිද්ද වෙන පාඩුව Stop Loss එකක් තිබුනනම් වෙන පාඩුවට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ මාස 3 ඇතුලත මේ සමාගමේ කොටසක මිල රු 500 සීමාවට යන්න බැරි කමක් නෑ... මිල පහල යන්නත් ඒ වගේම අවස්ථාවක් තියෙනව.



* Stop Loss සම්බන්ද තවත් වැදගත් කාරණයක් තියෙනව. අපි 10%ක අවධානමක් බලාපොරොත්තුවෙන් රු. 10 ගනනෙ මිලදී ගන්න කොටසක් රු. 9.00 දක්වා ආවොත් විකුණනව කියල තීරණයකට ඇවිත් කොටස් මිලදී ගැනීමක් කරනව. ඊට පස්සෙ කොටස් මිල රු. 8.50 දක්වා පහල ඒමක් සිද්ධවෙලා එතන ඉඳන් ආපහු රු 12 විතර වගේ මිලකට ගියා කියල හිතමු. ඒ වෙද්දි අපේ Stop Loss පොයින්ට් එකෙන් අපි ගත්තු කොටස් ටික විකුණල ඉවරයි. කොටසකින් රු 2ක් ලාභ ලබන්න තිබුන අවස්ථාව අපිට නැතිවෙලා. ඒ වගේම කොටසකින් රුපියලක පාඩුවකුත් විදල. ‍

කොහොමද මේ ආකාරයට වෙන පාඩුවකින් ගැලවෙන්නෙ?... එහෙමත් නැත්නම් මේ ආකාරයට වෙන පාඩු අවම කරගන්නෙ?...  තම තමන්ට හිතෙන විදිහට උපක්‍රමයක් කල්පනා කරන්නකො. කැමති නම් තමන්ගෙ විසඳුම කමෙන්ටුවක් විදිහට දාල යන්න. ඊළඟ ලිපියෙන් බලමු තමන් හිතපු උපක්‍රමය සාර්ථකද කියල.
 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 comments:

Weni said...

වැඩි මිලට ගත්ත කොටස් වල මිල බැහැගෙන බැහැගෙන යනවනම්..මම නම් කරන්නෙ මිල අඩුවෙනකොට කම්පැණිය ගැන පොඩ්ඩක් හොයල බලල.. අවුලක් නැත්නම් සහ මිල වැඩිවෙයි කියල බලාපොරොත්තු තියන්න පුලුවන් නම් අපේ ආයෝජන සහායකත් එහෙමම කියනවනම්.. ඒ අඩුවෙන මිලට තව කොටස් අර ගන්නව..එතකොට මගේ සාමාන්‍ය කොටසක පිරිවැය අඩුවෙනවනෙ.. එහෙම කරල මම පස්සෙ ලාභ අරගෙනත් තියෙනව

Kasun said...

අම්මෝ ඒ උදාහරණෙ දැක්කම ඇඟ සීතල වුනා. මම හිතන්නෙ වෙනි අයිය කියපු එක තමයි විසඳුම. අර Averaging කියන සීන් එක නේද?

bingo said...

අපොඉ මට කොටස් 3 ක්ම මිස් වෙලා ....අදහසක් දාන්න තරම් දැනුමක් නෑ ඕක ලියනකම් බලාගෙන ඉන්නවා හබඊ ඉගෙන ගන්න :)

Chart Reader said...

වෙනී අයිය: ඕකට කියන්නෙ පහලට ඇවරේජ් කරනව කියල. මගේ දැනුමෙ හැටියට නම් කිසිම වෙලාවක නොකල යුතු දෙයක්. බැලු බැල්මට හොඳ ක්‍රමයක් කියල පෙනුනත් මේ ක්‍රමය කබලෙන් ලිපට වැටිල්ලක්... මේ ගැන වෙනම ලියන්නම් වෙනී අයිය... ටිකක් දිග මාතෘකාවක් වෙන්න පුළුවන් කාරණාවක් මේක

@කසුන්: කට්ටියව ටිකක් සීතල කරන්න තමයි සමාගමක කොටස් මිල ඇත්ත ලෝකෙ වෙනස් වුන විදිහ දැම්මෙ... ඇවරේජ් කරනව කියන්නෙ මේකට තමයි...

@බින්ගො: ඉගෙන ගන්න එක තමයි වැදගත්.. :)

bingo said...

අනේ මේ ඔය කියන ටික අමතක වෙන්න කලින් දාන්නකෝ ඊලග පොස්ට් එක .... :)

rajitha.a said...

ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඉස්සරහටත් ලියන්න..කියලා තියන දේවල් හොඳටම තේරෙනවා.ජය!!!

Madhawa Habarakada said...

Good Post. Very informative.

Post a Comment