කොටස් වෙළඳපළ තුල මුල්‍ය කළමණාකරණය

මුලින්ම කියන්න ඕන මේ වෙනකන් මේ ලිපි පෙළ ලියාගෙන යද්දි ලියන භාෂාවෙන්ම ලිපි පෙළ ලියන් යන්න ගත්තු උත්සාහය නම් නතර කරනව. මෙතන ඉදන් සරලව ලියාගෙන යන්න තමයි අදහස. ඒ හරහ වේගය ටිකක් වැඩි කරගන්න තමයි බලාපොරොත්තුව.

කොටස් වෙළඳපළ ඇතුලෙ ආයෝජකයො පාඩු ලබන ප්‍රධාන හේතුවක් වෙන්නෙ හරි ආකාරයක මුල්‍ය කළමණාකරණයක් නැති වීම. අනෙක් කාරණය තමයි හැඟීම් මත තීරණ ගැනීම. මෙතනදි හොඳ ආකාරයක මූල්‍ය කළමණාකරණයක් තියෙනව නම් හැඟීම් මත සිද්ධ වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්...

ආයෝජකයෙක් විදිහට අපේ මූලික අරමුණ වෙන්න ඕන මොකක්ද?.... ගොඩක් දෙනෙක්ගෙ මූලික අරමුණ ලාභ ලැබීමනෙ නේද?... මූලික අරමුණ තීරණය කිරීම වැදගත් වෙන්නෙ ඒ තීරණයත් එක්ක තමයි අපේ මූල්‍ය කළමණාකරණ සැලසුම ගොඩ නැගෙන්නෙ.

මගේ අදහස නම් ලාභ ලැබීම මූලික අරමුණ කරගැනීම අපි අතින් සිද්ධවෙන වරදක්ය කියන එක. ආයෝජන සම්බන්දව මූල්‍ය කළමණාකරණයෙදි මූලික කොටස් වලදි කියන එකක් තමයි, ලාභය ගැන හිතන්න කලින් තමන්ට කොතරම් ප්‍රමාණයක් පාඩු ලබන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න කියන එක. ඒ හරහ එතන ඉඳන් අපිට හැකියාව ලැබෙනව තමන්ට සිද්ධවෙන පාඩුව අවම කරගන්න ගමන් ලාභයක් ලැබීම කියන තැන දක්වා තමන්ගෙ සැලසුම් වර්ධනය කරගන්න.

මුලින්ම පාඩුවක් ගැන හිතන්න වගේ කතාවක් කිව්වෙ ඇයි කියල හිතනව ඇති නේද?...  කොයිතරම් මුදල් ප්‍රමාණයක් පාඩු ලබන්න පුළුවන්ද කියන එක තීරණය කිරීම හරහ සිද්ද කරන්නෙ යම්කිසි  ගනුදෙනුවකදි තමන් යොදන මුදලෙන් කොයිතරම් ප්‍රමාණයක් තමන් අවධානමකට ලක් කරනවද කියල තීරණය කිරීම.

උදාහරණයක් විදිහට රු.100,000 ක් සමාගම් කොටස් වල ආයෝජනය කරන පුද්ගලයෙක් තමන්ගේ ආයෝජනයෙන් 10%ක (රු. 10,000 ක් ) අලාභයක් ලබන්න සූදානම් වීම ඉදිරිපත් කරන්න පුළුවන්. එතනදි ඒ තැනැත්ත මිලදී ගන්න රු. 100,000 ක කොටස් වල වටිනාකම රු. 90,000 දක්වා පහත වැටුනොත් එතනදි ඒ කොටස් අලාභයක් සහිතව විකිණිමට තීරණය කිරීමක් සිද්ද වෙනව. මේක හඳුන්වන්නෙ පාඩුව නැවතීමේ තැන (Stop Loss) කියන නමින්. ගොඩක් දෙනෙක් මේ Stop Loss කියන කාරණයට කැමැත්තක් නම් නෑ. ඒ වුනත් Stop Loss කියන එක කොටස් ගනුදෙනු වලදී ඉතාම වැදගත් අදහසක්.

තමන්ගෙ ආයෝජනයෙන් කොයිතරම් මුදලක් පාඩු ලබනවද කියන එක තීරණය කලාට පස්සෙ වැදගත්ම කාරණය වෙන්නෙ තමන් විදගන්න සූදානම් වුනු අලාභය අවම කරගන්න එක. කොහොමද මේක කරන්නෙ?...

අපි මුලින් ගත්තු උදාහරණයම ගත්තොත් ඒ රු.10,000 ක අවධානමක් අරගෙන තමන්ගෙ රු.100,000 ආයෝජනය කරන්න යන ආයෝජකය කොහොමද තමන් ගන්න බලාපොරොත්තු වෙන අවධානම(අලාභය) කළමණාකරනය කරගන්නෙ. බොහොම සරල විදිහට අපිට පුළුවන් මේ සම්පූර්ණ ආයෝජනය කොටස් 5කට වෙන් කරල එකිනෙක වෙනස් සමාගම් 5ක කොටස් වල ආයෝජනය කරන්න. එතනදි තමන් මුළු ආයෝජනය වෙනුවෙන් ගන්න 10%ක අවධානම බෙදීයාමක් සිද්ද වෙනව.

(1වන රූපය)
පළවෙනි උදාහරණය තමයි පළවෙනි රූපයෙන් දාල තියෙන්නෙ. රු.100,000ක් රු.10 ගානෙ වටින කොටස් 10,000ක ආයෝජනය කරන ආයෝජකයෙක් තමන්ට දරන්න පුළුවන් අවධානම, එහෙමත් නැත්තන් තමන් විඳ දරාගන්න සූදානම් අලාභය 10%ක් විදිහට තීරණය කරනව. එතනදි අදාල කොටසක මිල රු.9.00 වෙනකන් පහලට ආවොත් ඒ කොටස් විකුණනව කියල තීරණය කිරීමක් තමයි ‍සිද්ධවෙන්නෙ.  මේ අවස්තාවෙදි ඒ ආයෝජකයගෙ Stop Loss පොයන්ට් එක වෙන්නෙ රු 9.00 .

(2වන රූපය)

 දෙවනි රූපයෙන් පෙන්වල තියෙන්නෙ පළමු උදාහරණයෙ දක්වපු ආයෝජකයම ඒ තමන්ගෙ මුදල 10% අවධානමම ගන්න ගමන් ඒ අවධානම කළමණාකරනය කර ගන්න ආකාරය. මෙතනදි සම්පූර්ණ ආයෝජනය වුන රු 100,000ක මුදල කොටස් 5කට බෙදල වෙන වෙනම සමාගම් වල ආයෝජනය කිරීමක් සිද්ද වෙනව. (රූප සටහනේ විදිහට Company B, Company C.. ආකාරයට සමාගම් 5ක.)

මෙතනදි ආයෝජකය තමන් යොදවන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ මුදලෙන් ගන්න අවධානම වුන 10% (රු10,000) කොටස් 5 කට බෙදීමක් සිද්ධවෙලා තියෙනව. සරලව කිව්වොත් එක කොටස් ගනුදෙනුවක අවධානම රු 2000ක් වුන අවස්ථා 5ක් ආයෝජකය ලබා ගන්නව. ඒ අවස්ථා 5න් 3ක් අපි තියපු Stop Loss පොයින්ට් එකට ඇවිත් පාඩුවට විකුණන්න වුනා කියල හිතමු. එතනදි පාඩුව වෙන්නෙ රු 6000ක් විතරයි. එතකොට අනිත් අවස්ථා 2 ක අපිට ලාභයක් ලබන්න පුළුවන්. මේ ආකාරයට අවධානම කළමණාකරනය කිරීම හරහ අපි අවධානමට යොදන 10% මුදලට වැඩි අවස්තාවක් දෙන්න පුළුවන් වීමක් සිද්ද වෙනව...


සමහර විට එකම දේ දෙපාරක් කියල තියෙනව කියල හිතෙන්න පුළුවන්. දෙපාරකට වැඩි වාර ගනනක් කියන්න තරමටම මුදල් කළමණාකරනය සහ STOP LOSS කියන කොටස කොටස් ගනුදෙනුවලදි වැදගත්.

හිතුවට වඩා ලිපිය ටිකක් දික් වුනා. Stop Loss එකක් නැතිවුනොත් වෙන්න පුළුවන් දෙය කොළඹ කොටස් වෙළඳපල තුල තියෙන ලැයිස්තු ගත සමාගමක කොටස් මිල ඉහල පහල ගිය ආකාරයත් එක්ක  ඊළඟ ලිපියෙන් පැහැදිලි කරල දෙන්නම්. මොකක් හරි අද කොටස පිළිඹඳව ගැටලුවක් තියෙනව නම් කමෙන්ටු දාන කොටස පාවිච්චි කරන්න පුළුවන්  :)

* New investors & traders think about how much they can make
* Professional  investors & traders think about how much they can loss.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 comments:

Kasun said...

මාත් ඔය stop loss එකට අකමැති ගොඩේ තමයි.:) ඒත් ඉතින් දැන් බැලුවම දරා ගන්න බැරි තරම් පාඩුවක් වෙන්න කලින් පාඩුව පොඩි ගානකින් නවත්ත ගන්න ඒක හොඳයි නේද?

Anonymous said...

මට තේරුන විදියට පෝස්ටුව දිවෙන්නේ..."හයි රිස්ක් මෝ රිටන්"වගේම "අයෝජන කලඹ" කියන මූල්‍ය කළමනාකරණයේ මූලික සිද්ධාන්ත පදනම් කරන් වගේ..

බොහොම අගේ ඇති පාඩම් මාලාව කියලා හැදින්නුවොත් වරක් නෑ මගේ හිතේ...ජය..

Sanjaya සිතුවිලි said...

නියමෙට පැහැදිලි කරලා තියෙනවා ......

Chart Reader said...

@කසුන්: අකමැති ගොඩේ කියල මම දන්නවනෙ. ;) දැන් කැමතිද?

@අසනි: බොහොම ස්තූතියි අසනි

@සංජය: ස්තූතියි මිත්‍රය

Kasun said...

ම්ම්ම්..... බලමු! :)

පිස්සු පුසා said...

අහා...එල එල

prasanna said...

මමත් ඉන්නේ පාඩු කර ගත්ත ගොඩේ කොහෙද මේක කියෙව්වේ අදනේ
හැමදාම අද වැඩිවෙ හෙට වැඩි වෙ කියලා බලන හිටිය අන්තිමට මොනවත් නැති උන අපිට ගොඩ යාමක් නැති වෙඉද

Post a Comment