ආයෝජන පියවර

පහුගිය ලිපිය අවසන් වුනේ ආයෝජන පියවර කියන මාතෘකාව යටතේ ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සැකසීම කියන කොටස විස්තර කිරීමේන්. කවුරුන් හෝ කෙනෙකුට ඒ ලිපිය මඟඇරීමක් සිද්ධ වුනා නම් මුලින්ම ආයෝජන වර්ග සහ ආයෝජන පියවර  මාතෘකාව ය‍ටතේ පළවුනු ඒ ලිපිය කියවීම යම් ආකාරයක උදව්වක් වනු ඇති.

2) ආයෝජන පියවර - ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම : ආයෝජනයක අරමුණ ලාභ ලැබීම වුනත් මෙතනදි අදහස් වෙන්නෙ තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය පිළිඹඳව යම් ඉලක්කයක් තැබීම. උදාහරණයක් විදිහට, යම්කිසි පුද්ගලයෙක් තමන් යොදවන මුදලට මාස 06ක කාලයක් තුල 20%ක් වන ලාභ ප්‍රතිශතයක ඉලක්කයක් තැබීම ආයෝජන අරමුණ ස්ථාපික කිරීමක් ලෙසට හඳුන්වන්න පුළුවන්. මෙහිදී අදාල ඉලක්කය සපුරාගැනීමට සැලසුම් කරන කාලය වැනි විස්තරාත්මක සාධක සහිතව ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත් කාරණයක්. 

3) ආයෝජන සැලැස්ම නිර්මාණය කිරීම : මෙම පියවර තුලදි සිදුවෙන්නෙ ස්ථාපිත කරන ලද ආයෝජන අරමුණු ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමක්. මෙතනදි තමන්ට ගැලපෙන සැලැස්මක් නිර්මාණය කරගැනීම ඉතාමත් වැදගත් දෙයක්. වෙනත් කෙනෙකුන්ගෙ සැලැස්මක් තමන්ගේ සැලැස්ම බවට පත්කරගැනීම කිසිම ආකාරයකින් අනුමත කල නොහැකියි. හේතුව පැහැදිලි කරගන්නව නම්, යම් පුද්ගලයෙකු භාවිතා කරන සැලැස්ම ඒ පුද්ගලයාගේ අරමුණ, වයස, මානසික තත්ත්වය, දැනුම, දරන වගකීම් ප්‍රමාණය වැනි සාධක මත වෙනස් වීම හේතුවෙන් දෙදෙනෙකුට එකම සැලැස්ම ගැලපීම සිදු නොවෙන දෙයක්.

4) ආයෝජන විකල්ප ඇගයීම : ආයෝජන විකල්ප යනුවෙන් හැඳින්වෙන්නෙ තමන් ආයෝජනය කිරීමට සිතා සිටින මුදල ආයෝජනය කල හැකි ක්‍රම පිළිඹඳ පොඩි විශ්ලේෂණයක් කිරීම. යම්කිසි පුද්ගලයෙක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවක් තිබුණු තරමින් කොටස් මිලදී ගැනීමක් කළයුතු නැහැ. තමන්ගේ ආයෝජන සැලැස්මට අනුව යම් කෙනෙක්ට කොටස් වලත්, තවත් කෙනෙකුට භාණ්ඩාගාර බිල්පත් වලත්, තවත් කෙනෙකුට දේපල වෙළඳාම් අංශයෙත් ආකාරයට වෙනත් වෙනත් ආයෝජන ක්‍රම වෙත යොමුවිය හැකියි. මෙලෙස තමන් මුදල් ආයෝජනය කරණු ලබන අංශය තෝරාගැනීම ආයෝජන විකල්ප ඇගයීම යටතේ සිදු කරනු ලැබිය යුතු වෙනව.

5) වඩා හොඳ ආයෝජන අවස්ථා හඳුනාගැනීම : මෙහිදී සිදුවන්නේ තමන් තොරාගත් ආයෝජන ක්‍රමය තුල ඇති ඉතාමත් හොඳ අවස්ථාවක් හඳුනාගැනීමයි.

6) ආයෝජන කළඹ තීරණය කිරීම සහ කළමණාකරණය කිරීම : ආයෝජන කළඹක් ලෙසට හඳුන්වන්නෙ යම්කිසි පුද්ග‍ලයෙක් කොටස් වෙළඳ පොළ තුල තමන් ආයෝජනය ‍කරනු ලබන කොටස් වල එකතුවකට. Portfolio එක යනුවෙන් හඳුන්වන්නෙත් මේකම තමයි. හොඳ ආයෝජන කළඹක තිබිය යුතු ගුණාංග හඳුන්වා දීමක් කිරීම නොකල හැකි වැඩක්. හේතුව කලින් 03 වන පියවරේදී කියූ ආකාරයට එක් එක් පුද්ගලයාගේ ආයෝජන සැලැස්ම වෙනස් වීමයි.

ආයෝජන කළඹ කළමණාකරණය තුලදී සිදුකරනු ලබන්නේ වත්මන් ආයෝජන කළඹට තවත් කොටස් එකතු කරගැනීම, අදාල අවස්ථාවල තමන් සතුව තිබෙන කොටස් විකිණීම වගේම ආයෝජන කළඹ තුල එක් එක් කොටස් වලට ලබාදෙන අවස්ථාව පාලනය කිරීමයි.


අංක 03 යටතේ කියූ ආයෝජන සැලැස්ම නිර්මාණය කොටස තුල තවත් සම්පූර්ණ ලිපියකට ගොනු කල හැකි තරමේ කරුණු තිබුනද අත්‍යවශ්‍ය සාරාංශය පමණක් ඉදිරිපත් කරනු ලැබුවේ මූලික කොටස් කිහිපයට අදාල ලිපි ඉක්මනින් සම්පූර්ණ කිරීම අරමුණ බැවිනි. එබැවින් යම් තැනක නොපැහැදිලි බවක් ඇත්නම් ඒ ගැන දැනුම් දීම ඉදිරි ලිපි වලට උපකාරයක් වනු ඇත. මෙම ලිපියෙන් ආයෝජනය පිළිඹඳ සිදු කරනු ලැබූ හැඳින්වීම අවසන් වන අතර කොටස් වෙළඳ පළ පිළිඹද ලිපි පෙළේ ආරම්භයත් සමඟ නැවත මුණ ගැසෙමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

8 comments:

Anonymous said...

ඕන් යාලු සමාරම්භක උළෙලේ හිටියට මොකෝ..කියවන්න අවේ අද මේ පැත්තේ..බලද්දි ගොඩක් විස්තර දාලනේ..හෙට වෙද්දි..ඔක්කොම කියවන්න තමා බලපොරොත්තුව..වැඩේ නියමයි..

කොහෙද පුරුද්දට යන්නේ යක්කුන්ගේ දිහානේ..

bingo said...

දැනට කියපු ටික තේරුණා අනේ ඉත්රු ටික තමා මන් ඉගෙන ගන්න ආසවෙනම ඉන්නේ ...එත් 3 වීක්ස් විතර එන්න වෙන්නේ නැති වෙඉ වගේ :(

- නිල් අහස - said...

ඔන්න අදත් ආවා..
ඒවගේම කියෙව්වා.
හොදම හරියට ලගයි ..වගේ.

Chart Reader said...

@අසනි: හෙ‍හ් හේ... ‍හොඳා හොඳා... :)

@bing: ඉවසීමෙන් සැනසීම ලැබෙනවලු බන්...

@නිල් අහස: මමත් හිතන් ඉන්න හොඳම හරිය නම් ළඟයි තමා... බලමුකො...

පිස්සු පුසා said...

වැඩේ නම් නියමායි.දිගටම ලියන්න

Chart Reader said...

@පිස්සු පූස: ස්තූතියි මිත්‍රය

පන්සල් හංදිය said...

හොඳයි මලයා සරලව ලියලා තියනවා .......
ඉතුරු ටිකත් ලියමුකෝ බලන්න .......

අරුණ හෙට්ටිආරච්චි said...

මම මුලින්ම මේකට ආවේ අද. උබේ වැඩෙත් එල තමා . එහෙනම් දිගටම ලියමු . පිනාගේ කුප්පියට ගොඩවෙලා ගියාට ගොඩක් ස්තුතියි

Post a Comment