ඉතිරි කිරීම් සහ ආයෝජන

කලින් ලිපියෙන් පුංචි හැඳින්වීමක් කරපු නිසා මේ ලිපිය හරහා ඉතිරි කිරීම් සහ ආයෝජන ගැන පොඩි සටහනක් තියන්නයි කල්පනා කලේ. වැඩිපුරම ආයෝජන ගැන.  සාමාන්‍යයෙන් අද ජීවත්වෙන ඕනම මනුස්සයෙක්ට මූල්‍ය සැළසුම් කියල එකක් තියෙනවනෙ. කවුරු හරි එහෙම නැහැ කියල කියනව නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අඩුම තරමින් හෙට උදේ රස්සාවට යන්න බස්ගාස්තු ගෙවන එක ගැනවත් සැලසුමක් තියෙනවනෙ.

මූල්‍ය සැලසුමක් ඕන කරන්නෙ ඇයි?... සරලවම උත්තර දුන්නොත් අදට වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න. ඔතනදි අනාගත ආර්ථිකය ශක්තිමත් කරගන්න කරන සාමාන්‍ය දේ තමයි ඉතිරි කිරීම. ඒ ඉතිරි කිරීම් සාමාන්‍ය ඉතුරුම් තැන්පතු ආකාරයට, එහෙමත් නැත්නම් ස්ථාවර තැන්පත් විදිහට තමයි දකින්න ලැබෙන්නෙ. මෙතනදි ඒ ඒ මූල්‍ය ආයතන වලින් ලබාදෙන පොළිය අමතර ආදායමක් බවට පත්වෙනව.

ඉතිරි කිරීම් විතරක් ඇතිද?... මම නම් හිතන්නෙ ඉතිරි කිරීම් විතරක් මදි කියල. හොඳම උදාහරණය මීට අවුරුදු 2 - 3කට විතර කලින් මූල්‍ය ආයතන වලින් ඉතිරි කිරීම් වලට ලබාදුන් පොළී අනුපාතය දැන් සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙලා තිබීම නිසා ඒ දිනවල ලැබුන පොළී ආදායම අද නොලැබෙන තත්ත්වයකට පත්වීම. අනෙක් කාරණය පවතින ආර්ථික වාතාවරණයත් එක්ක රු 100 ක ඉතිරි කිරීමක වටිනාකම, රු 100කට ලබාගන්න පුළුවන් කම තිබුනු යම් භාණ්ඩයක් හෝ සේවාවක් එක්ක අවුරුද්දකට පසුව සංසන්දනය කරන විට අඩුව තිබීම...

එච්චරම ගැඹුරට නොහිත ආගමානුකූලව බැලුවත් බුදුරජානන් වහන්සේත් දේශනා කරල තියෙන්නෙ ආදයමෙන් 1/4 ක් ඉතුරු කරන්න. 1/4 ක් ප්‍රයෝජනයට ගන්න. 1/2 ක් ආයෝජනය කරන්න කියන එක.

ආයෝජනයක් කියන්නෙ මොකක්ද?... සරලවම බලනවනම් ආයෝජනයක් කියන්නෙ යම්කිසි ලාභයක් බලාපොරොත්තුවෙන් මුදල් හෝ ශ්‍රමය යෙදවීම. ආයෝජන කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනව. තමන්ගෙම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙනත් කෙනෙකුගෙ ව්‍යාපාරයකට මුදල් යොදවල ලාභයෙන් කොටසක් ගැනීම කියන්නෙත් ආයෝජන කරන්න පුළුවන් ක්‍රම වලට උදාහරණ. ආයෝජනය කියන්නෙ මොකක්ද කියල තව දුරටත් විස්තර ඇතුව අවශ්‍යනම් කියවන්න හොඳ ලිපියක් තමයි "ආයෝජනය" යනු කුමක්ද? 

ආයෝජනයක් කියන්නෙ මොකක්ද කියන තැනදි කිව්වනෙ ලාබයක් බලාපොරොත්තුවෙන් මුදල් යෙදවීමක් කියල. (මෙතන ඉඳන් කතාකරන්නෙ මුදල් ආයෝජනය ගැන විතරයි.) ඔය බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න කරන්න ඕන දේවල් මොනවද?
  • මූලිකවම අපි ආයෝජනය කරන මුදල (ප්‍රාග්ධනය) ආරක්ෂා කරගන්න ඕනනෙ. ආයෝජනයකදි ලාබ ලැබීම බලාපොරොත්තුවක් වුනාට යම් යම් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතිං පාඩුවක් වීමේ අවධානම අඩුකරගන්න එක ඕනම ආයෝජනයකදි බොහොම වැදගත්.
  • ඒ වගේම තමයි ප්‍රාග්ධනය වැඩිකර ගැනීම. මෙතනදි අදහස් වෙන්නෙ මූලිකව යොදවපු ප්‍රාග්ධනය හරහ ලබන ලාභයෙන් කොටසක්වත් තමන් මූලිකව යොදවපු මුදලට එකතු කිරීමක්. ඒත් එක්කම අවධානම දැරීමේ හැකියාව වර්ධනය කරගැනීමත් සෑහෙන වැදගත්.

මුල් කොටස් කීපය ඉක්මනටම ඉවර කරන්න සමහර කොටස් ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කිරීමක් සිද්ධ නොවුන එක කණගාටුයි... මොකක්ම හරි ගැටලුවක් තියෙනව නම් කමෙන්ටුවක් හරහ ඉදිරිපත් කරන්න. පුළුවන් උපරිමයෙන් උත්තර ලබාදෙන්නම්.

ඊළඟ ලිපිය හරහ ආයෝජන වර්ග, ආයෝජන උපාය සංවර්ධනය වගේ පොඩි මාතෘකා ටිකක් ගැන සටහනක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

9 comments:

Kasun said...

එල කිරි. දැන් එහෙනම් ගෙදර ඉඳල ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පුලුවන්.

bingo said...

um nt doing commerce bt i remember hearing something simillar to this in CIMA.....bt itz abt investmnt apprraisal newyz ....this blog z great..um gonna learn loads of things.. :)

Amila Chathuranga said...

කෙනෙක් කිව්ව කතාවක් මට මතක්ෙ වනව..
මම සල්ලි නෙමෙ හම් බ කලේ මිනිස්සු..
ඇත්තටම එයාට ඕනි තැනකින් වැඩක් ඉක්මනින් කරවගන්න පුලුවන් තරම් ශක්තිමත් මිනිස්සු න්ගෙ ජාලයක්තිබුන..
ඒක එයාට වගේම ඒ කම්පැනි එකටත් මාර වැදගත් උනා...

Chart Reader said...

@indi: මිනිස්සු හම්බුකිරීමත් සෑහෙන හොඳ දෙයක්... ඒත් හොඳ මිනිස්සු තෝරගන්න අමාරුයි... ඊට ලේසි සල්ලි හම්බු කරන එක... :)

පන්සල් හංදිය said...

ඔන්න කියෙව්වා මලයා බලමු මගෙත් අදහසක් තියනවා කීයක් හරි හම්බ වෙන වැඩකට අත ගහන්න ..........

- නිල් අහස - said...

මාත් මේක හැමදාම ෆලෝ කරනවා.
බලමු මටත් ඔය වැඩේට සෙට් වෙන්න, පුලුවන්ද කියලා.

Chart Reader said...

@පන්සල් හංදිය: ඒක හොඳයි...

@නිල් අහස: ස්තූතියි සහෝ...

පිස්සු පුසා said...

එල.දිගටම ලියන්න.

MindSpring said...

නියමයි!
ඔන්න මමත් අද ඉදන් සහෝගෙ බ්ලොග් එකට එනව දිගටම.
සුභපැතුම්!!!

Post a Comment