ස්ටොප් ලොස් 3

Stop Loss - 1 (කොටස් වෙළඳපළ මූල්‍ය කළමණාකරණය)
Stop Loss - 2

කලින් ලිපි දෙකෙන් කතා කලානෙ ස්ටොප් ලොස් කියන එකේ වාසියයි, ඇයි එහෙම එකක් තියාගන්නෙ කියන එකයි. ඒ දෙක කියවල නැත්නම් මුලින් ඒ ලිපි දෙක කියවන එක සෑහෙන්න වැදගත් වෙයි. මොකද ඒ ලිපි දෙකේ ඉදිරිපත් කරපු කරුණු ආපහු ඉදිරිපත් කරන්න මේ ලිපියෙදි බලාපොරොත්තු නොවන නිසා. ඒ වගේම කලින් ලිපියෙන් ප්‍රශ්නයකුත් ඇහුවනෙ. ඔතනදි ඇවරේජ් කරන ක්‍රමය තමයි උත්තර දීපු දෙන්නම දාල තිබුනෙ. ඒ උත්තරය නම් වැරදියි. නමුත් ඉදිරිපත් කරපු අදහස නම් කතා කලයුතුම  මට අමතක වුනු මාතෘකාවක්. ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්.

1 වන රූපය
ඔය පින්තූරෙ තියෙන්නෙ අපිට ස්ටොප් ලොස් එක ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ. A කියන පොයින්ට් එකෙන් අපි කොටස් ගන්නව. ඊට පස්සෙ මිල ටිකක් වැඩි වෙලා අපිට ලාභයක් එන සීමාවට කලින් (කොළපාට ඉරෙන් පෙන්නන්නෙ ඒ සීමාව) ආපහු මිල පහලට ඇවිත් B කියන අපේ stop loss පොයින්ට් එකත් කඩාගෙන පහල එනව. එතනදි අපි කරන්නෙ අපිටම දාගත්තු නීතියෙ හැටියට පාඩුවට විකුණනව. ඒත් C කියන තැනින් කොටස් මිල පහලට එන එක නැවතිලා අපි විකුණපු කොටස් තියන් හිටියනම් ලාභයක් ගන්න පුළුවන් සීමාවට යනව. මේ විදිහට ලැබෙන්න තියෙන ලාභය නැතිවෙන එක අඩුකර ගන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය.

ක්‍රමය බොහොම සරලයි. මේකට තමන් කොටස් මිලදී ගන්න යන සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය ගැන නම් පොඩි අවබෝදයක් තියෙන්න ඕන වෙනව. උදාහරණයක් විදිහට යම් සමාගමක කොටස් මිල සාමාන්‍යයෙන් දවසකට රු 1ක් 2ක් අතර ප්‍රමාණයකින් ඉහල පහල වෙනස් වීම කියන්න පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා මේ දවසකට මිල වෙනස් වෙන පරාසය කිව්වෙ කලින් දවසට සාපේක්ෂව සමාගමක කොටස් මිල ඉහල පහල ගිය ප්‍රමාණය නෙමෙයි, දිනයක් ඇතුලතදි වාර්ථා කරන උපරිම මිලත් අවම මිලත් අතර තියෙන පරාසය.

ප්‍රශ්නෙට උත්තරේ කියන තැනට එමුකො. 01වෙනි රූපෙ  මාක් කරල තියෙන X කියන දුර ප්‍රමාණය (දුර කියල හඳුන්වන්නෙ ලක්ෂ දෙකක් අතර තියෙන මිල වෙනස) A සහ B අතර දුරට වඩා වැඩි වුනොත් අපේ ප්‍රශ්නය විසදෙනව. ඒ කියන්නෙ අපේ stop loss පොයින්ට් එක C කියන තැනට වඩා පහලින් තියන්න පුළුවන් නම් ප්‍රශ්නය විසදෙනව.

2 වන රූපය
දෙවනි රූපයෙන් පෙන්නල තියෙන්නෙ stop loss පොයින්ට් එක කලින් තුබුන වගේම දුරක් පහලට ගෙනිහින් තියෙන විදිහ. ඒ කියන්නෙ කලින් රුපියලක් (X) පහලින් නම් stop loss එක තිබුනෙ දැන් තියෙන්නෙ රුපියල් 2ක් (2X) පහලින් කියන එක.

අපි stop loss ‍කියල එකක් පාවිච්චි කරන්න ගත්තෙ ආයෝජනය කරන මුදලෙන් යම් කොටසක් විතරක් අවධානමට යොදවන අරමුණ තියාගෙනනෙ. මෙහෙම stop loss එක පහලට ගෙනියන්න ගියොත් කොහොමද අවධානම කළමණාකරණය කරගන්නෙ.

අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් රු 20,000 මුදලක් ආයෝජනය කරනව 10%ක අවධානම් අරගෙන කියල. එතනදි අවධානමට ලක්කරන මුලු මුදල වෙන්නෙ  රු 2,000 ක් විතරයි.

රු 20,000 *  10% = රු 2,000

මේ පුද්ගලය කොටස් 2,000ක් රු. 10 ගනනෙ මිලදී ගත්තොත් එක් කොටසකට ගන්න පුළුවන් වන අවධානමේ ප්‍රමාණය තමයි මේ කෙනාගෙ stop loss එකට තියෙන දුර වෙන්නෙ.

කොටස් ප්‍රමාණය *  stop loss එකට දුර = අවධානමට ලක් කරන මුළු මුදල
2,000 *  X = 2,000
X = 1

උඩින් පෙන්නවෙ පළවෙනි රූපෙයෙන් වුන ගනුදෙනුවෙ ක්‍රමය. ඒත් අපි දන්නව අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය විසඳගන්න නම් stop loss එකට තිබුන දුර ප්‍රමාණය 2වනි රූ‍පයෙ තරමට වැඩි කරන්න ඕන කියල. එතනදි අවධානමට ලක් කරන මුළු මුදල, stop loss එකට දුර කියන සාධක දෙක වෙනස් කරන්න හැකියාවක් නෑ. එකම ක්‍රමය වෙන්නෙ කොටස් ප්‍රමාණය වෙනස් කිරීම කියන එක. (2වෙනි රූපයෙ විදිහට 2X කියන්නෙ 2යි කියල අරගමු)

කොටස් ප්‍රමාණය = අවධානමට ලක් කරන මුදල / stop loss එකට දුර (2X)
කොටස් ප්‍රමාණය = 2,000 / 2
කොටස් ප්‍රමාණය = 1,000

අපේ මූලික ප්‍රශ්නයට උත්තරය තමයි ඔය. සරලව කිව්වොත් අවධානමට ලක් කරන මුදල ස්ථිර අගයක තියාගෙන ‍stop loss එකට දුර වැඩි කරන ගමන් ඒකට අනුරූපව කොටස් ප්‍රමාණය තීරණය කරන එක තමයි කරන්න තියෙන්නෙ.

උදාහරණයක් විදිහට අපි stop loss එක = 2X කියල ගත්තත්  ඇත්තටම සිදුකරන ආයෝජනයකදි අපිට stop loss පොයින්ට් එක තීරණය කරන්න වෙන්නෙ මීට උඩින් සටහන් කරපු සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය අනුව. ඒ නිසා හැම කොටස් ගනුදෙනුවකදිම එකම අගයක් stop loss එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැති බව අවබෝධ කරගත යුතු වෙනව. නමුත් සෑම ගනුදෙනුවකදීම ආයෝජනයෙන් අවධානමට ලක්කරන ප්‍රමාණයෙ ප්‍රතිශතය නියතයක් කරගන්න.

මේ ලිපිය හරහ පැහැදිලි කරන්න හදපු දේ කට්ටියට  පැහැදිලි වෙන්න ඇති කියල විස්වාස කරනව. වෙනද වගේම කියන්න තියෙන්නෙ මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනව නම් ‍ප්‍රශ්නය කමෙන්ටුවකින් දාන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 comments:

Kasun said...

පොඩ්ඩක් විතර සංකීර්ණයි. මට චැට් එකෙන් කියපු නිසා දැන් නම් තේරෙනවා.

Anonymous said...

ඔන්න ඔක්කොම කියෙව්වා..ඉතිරි ටිකත් ලියන්න..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

Anonymous said...

ගන්න කොටස් ගාන වැඩි කරන්න කියලද කියන්නෙ?

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

සාතන් said...

@කසුන්: ඔව් ඉතිං උඹ අහගත්‍තනෙ :)

@හරී: නෑ මචන්... කොටසකින් දරන්න වෙන පාඩුව ටිකක් ලොකු රේන්ජ් එකකට ගෙනිහිං කොටස් ප්‍රමාණය අඩු කරනව... එතනදි අපි ගන්න ටෝටල් රිස්ක් එක එකම ගානක තියාගන්න පුළුවන්නෙ...

ඉස්සරහට ආපහු ලියන්න පටන්ගත්තහම උඹට පැහැදිලි‍ වෙයි... ආපහු ඉක්මනටම ලියන්න පටන් ගන්නව...

Anonymous said...

ප්‍රශ්න කිහිපයක් තියේනවා අහන්න
මම ඔයාව පුද්ගලිකව contact කරන්න පුළුනිද?(කැමතිනම් පමණයි)
1. නුවර ඉන්න cdax සහා web base online trading support කරන හොද බොකර් කෙනෙක් කියන්න.

2. අපි එයාලාගේ web base online trading කරනකොට බොකර් charge කරන ගාන වැඩියිද? නැතිනම් cdax ද අඩු(මෙවාට අමතර අය කිරිම කරනවාද)?

3. online trading තියේන විට web based එක භාවිතා කරන එකද හොද cdax භාවිතා කරන එකද හොද?

4. ඉන්න බොකර් web based විතරයි support කරන්නෙ ඉතින් මට ඔන මරු කරන්න.

5. මට අහන්න අමතක උන තව වැදගත් දේයක් online trading සම්බන්ධව තියෙනවානම් කියන්න.

සාතන් said...

@ඇනෝ: පුද්ගලිකව කන්ටෑක්ට් කරන්න ඕන නම් http://www.facebook.com/sathange.adaviya?ref=tn_tnmn
හරහ සම්බන්ද වෙන්න පුළුවන්..

1) මේ ගැන නම් හරියටම කියන්න අමාරුයි

2) අමතර මුදලක් අයකිරීමක් සිද්ධ වෙන්නෙ නෑ... නමුත් සමහර තැරැව්කාර සමාගම් වලින් ඔන්ලයින් ගනුදෙනු කිරීමේ පහසුකම ලබාදෙන්නෙ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය ඒ අය කියන සීමාවට වැඩි නම් විතරයි (උදා:- සමහර තැරැව්කාර සමාගම් ලක්ෂයකට වැඩි මුදලක් ආයෝජනය කරනව නම් තමයි මේ පහසුකම දෙන්නෙ)

3) වෙබ් බේස් සිස්ටම් වලින් මම පාවිච්චි කරල තියෙන ජෝන් කීල්ස්, බාට්ලීට්, ඒෂියා සිකියුරිටීස් කියන ඒවගෙන් ඒෂියා සිකියුරිටීස් එකේ එක හොඳ මට්ටමක තියෙනව... ඒ වුනත් වෙනමම සොෆ්ට් වෙයා(cdax වගේ) එකක් භාවිතා කරන්න ලැබෙනව නම් ඒක තමයි හොඳම... මේ වෙද්දි ජනප්‍රිය ඩිරෙක්ට් එෆ් එන් කියන එක...

4) මුලින්ම තමන්ගෙ අවශ්‍යතාවය පැහැදිලිව කතා කරල ඉන්න...

5) ඔන්ලයින් ට්‍රේඩින් ගැන මූලිකවම කියන්න තියෙන්නෙ කොටස් වෙළඳපළ ගැන සාමාන්‍ය දැනුමක් සහ අත්දැකීම් නැත්තන් පාවිච්චි නොකර ඉන්න එක හොඳයි කියන එක තමයි...

Unknown said...

mate therenne naha mate udaw keranne

Post a Comment