Stop Loss - 1 (කොටස් වෙළඳපළ මූල්‍ය කළමණාකරණය)
Stop Loss - 2
කලින් ලිපි දෙකෙන් කතා කලානෙ ස්ටොප් ලොස් කියන එකේ වාසියයි, ඇයි එහෙම එකක් තියාගන්නෙ කියන එකයි. ඒ දෙක කියවල නැත්නම් මුලින් ඒ ලිපි දෙක කියවන එක සෑහෙන්න වැදගත් වෙයි. මොකද ඒ ලිපි දෙකේ ඉදිරිපත් කරපු කරුණු ආපහු ඉදිරිපත් කරන්න මේ ලිපියෙදි බලාපොරොත්තු නොවන නිසා. ඒ වගේම කලින් ලිපියෙන් ප්‍රශ්නයකුත් ඇහුවනෙ. ඔතනදි ඇවරේජ් කරන ක්‍රමය තමයි උත්තර දීපු දෙන්නම දාල තිබුනෙ. ඒ උත්තරය නම් වැරදියි. නමුත් ඉදිරිපත් කරපු අදහස නම් කතා කලයුතුම මට අමතක වුනු මාතෘකාවක්. ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්.
1 වන රූපය |
ක්‍රමය බොහොම සරලයි. මේකට තමන් කොටස් මිලදී ගන්න යන සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය ගැන නම් පොඩි අවබෝදයක් තියෙන්න ඕන වෙනව. උදාහරණයක් විදිහට යම් සමාගමක කොටස් මිල සාමාන්‍යයෙන් දවසකට රු 1ක් 2ක් අතර ප්‍රමාණයකින් ඉහල පහල වෙනස් වීම කියන්න පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා මේ දවසකට මිල වෙනස් වෙන පරාසය කිව්වෙ කලින් දවසට සාපේක්ෂව සමාගමක කොටස් මිල ඉහල පහල ගිය ප්‍රමාණය නෙමෙයි, දිනයක් ඇතුලතදි වාර්ථා කරන උපරිම මිලත් අවම මිලත් අතර තියෙන පරාසය.
ප්‍රශ්නෙට උත්තරේ කියන තැනට එමුකො. 01වෙනි රූපෙ මාක් කරල තියෙන X කියන දුර ප්‍රමාණය (දුර කියල හඳුන්වන්නෙ ලක්ෂ දෙකක් අතර තියෙන මිල වෙනස) A සහ B අතර දුරට වඩා වැඩි වුනොත් අපේ ප්‍රශ්නය විසදෙනව. ඒ කියන්නෙ අපේ stop loss පොයින්ට් එක C කියන තැනට වඩා පහලින් තියන්න පුළුවන් නම් ප්‍රශ්නය විසදෙනව.
2 වන රූපය |
අපි stop loss කියල එකක් පාවිච්චි කරන්න ගත්තෙ ආයෝජනය කරන මුදලෙන් යම් කොටසක් විතරක් අවධානමට යොදවන අරමුණ තියාගෙනනෙ. මෙහෙම stop loss එක පහලට ගෙනියන්න ගියොත් කොහොමද අවධානම කළමණාකරණය කරගන්නෙ.
අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් රු 20,000 මුදලක් ආයෝජනය කරනව 10%ක අවධානම් අරගෙන කියල. එතනදි අවධානමට ලක්කරන මුලු මුදල වෙන්නෙ රු 2,000 ක් විතරයි.
රු 20,000 * 10% = රු 2,000
රු 20,000 * 10% = රු 2,000
මේ පුද්ගලය කොටස් 2,000ක් රු. 10 ගනනෙ මිලදී ගත්තොත් එක් කොටසකට ගන්න පුළුවන් වන අවධානමේ ප්‍රමාණය තමයි මේ කෙනාගෙ stop loss එකට තියෙන දුර වෙන්නෙ.
කොටස් ප්‍රමාණය * stop loss එකට දුර = අවධානමට ලක් කරන මුළු මුදල
2,000 * X = 2,000
X = 1
උඩින් පෙන්නවෙ පළවෙනි රූපෙයෙන් වුන ගනුදෙනුවෙ ක්‍රමය. ඒත් අපි දන්නව අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය විසඳගන්න නම් stop loss එකට තිබුන දුර ප්‍රමාණය 2වනි රූපයෙ තරමට වැඩි කරන්න ඕන කියල. එතනදි අවධානමට ලක් කරන මුළු මුදල, stop loss එකට දුර කියන සාධක දෙක වෙනස් කරන්න හැකියාවක් නෑ. එකම ක්‍රමය වෙන්නෙ කොටස් ප්‍රමාණය වෙනස් කිරීම කියන එක. (2වෙනි රූපයෙ විදිහට 2X කියන්නෙ 2යි කියල අරගමු)
කොටස් ප්‍රමාණය = අවධානමට ලක් කරන මුදල / stop loss එකට දුර (2X)
කොටස් ප්‍රමාණය = 2,000 / 2
කොටස් ප්‍රමාණය = 1,000
අපේ මූලික ප්‍රශ්නයට උත්තරය තමයි ඔය. සරලව කිව්වොත් අවධානමට ලක් කරන මුදල ස්ථිර අගයක තියාගෙන stop loss එකට දුර වැඩි කරන ගමන් ඒකට අනුරූපව කොටස් ප්‍රමාණය තීරණය කරන එක තමයි කරන්න තියෙන්නෙ.
උදාහරණයක් විදිහට අපි stop loss එක = 2X කියල ගත්තත් ඇත්තටම සිදුකරන ආයෝජනයකදි අපිට stop loss පොයින්ට් එක තීරණය කරන්න වෙන්නෙ මීට උඩින් සටහන් කරපු සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය අනුව. ඒ නිසා හැම කොටස් ගනුදෙනුවකදිම එකම අගයක් stop loss එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැති බව අවබෝධ කරගත යුතු වෙනව. නමුත් සෑම ගනුදෙනුවකදීම ආයෝජනයෙන් අවධානමට ලක්කරන ප්‍රමාණයෙ ප්‍රතිශතය නියතයක් කරගන්න.
මේ ලිපිය හරහ පැහැදිලි කරන්න හදපු දේ කට්ටියට පැහැදිලි වෙන්න ඇති කියල විස්වාස කරනව. වෙනද වගේම කියන්න තියෙන්නෙ මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනව නම් ප්‍රශ්නය කමෙන්ටුවකින් දාන්න.