ඕඩර්ස් - Orders

පහුගිය ලිපියෙන් තැරැව්කාර සමාගමක් හරහ කොටස් වෙළඳ පළට පිවිසෙන ක්‍රමයයි, කොටස් මිලදී ගැනීම කරන්නෙ මොන විදිහටද කියන එකයි පැහැදිලි කිරීමක් සිද්ද වුන නිසා මේ පාර පොඩි , නිතර භාවිතා වෙන වචන කීපයක් ගැන විස්තර කරන්නයි හිතුවෙ.

ඒ වගේම කියන්න ඕන ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන භාවිතා වෙන්න පුළුවන්. ඒකට මූලික හේතු වෙන්නෙ කොටස් වෙළඳපළ ඇතුලෙ භාවිතා වෙන්නෙ ඒ වචන වීමයි, සමහර වචන වලට ගැලපෙනම සිංහල වචනය තොරගන්න මට නොහැකි වීමයි තමයි.

ගිය වතාවෙ කොටස් මිලදී ගැනීම් කරන විදිහ ගැනත් කතා කල නිසා මුලින්ම ඕඩර්ස් (Orders) ගැන කියන්නම්. ඕඩර්ස් (Orders) යනුවෙන් හඳුන්වන්නෙ අපේ කොටස් ගැනුම් විකුණුම් කරන්න ආයෝජන උප‍දේශක වරයට දෙන නියම කිරීමක්.

බයි ඕඩර් (Buy Order) :- කොටස් මිළදී ගැනීමට කරනු ලබන නියම කිරීමක්

සෙල් ඕඩර් (Sell Order)  :- කොටස් විකිණීමට කරනු ලබන නියම කිරීමක්

ඩේ ඕඩර්ස් (Day Orders) :- කොටස් මිලදී ගැනීමකට හෝ විකිණීමට අදාල, එක් දිනකට පමණක් වළංගු නියම කිරීමක්. බොහෝ වෙලාවල් වල ආයෝජකයෙක් සිදුකරන්නට බලාපොරොත්තු වන මිලදී ගැනීමකදි හෝ විකිණීමකදි සිදුවෙන්නෙ දිනකට පමණක් වලංගු ඕ‍ඩර්ස් දැමීමක්.

ෆයිව් ඩේ ඕඩර්ස් (Five Day Orders) :- මිලදී ගැනීමකදි හෝ විකිණීමකදි  මෙම නියෝග දින පහකට වළංගු වේ. ෆයිව් ඩේ ඕඩරයක් දමන්නේ නම් ඒ පිළිඹදව විශේෂයෙන් සඳහන් කලයුතුය.

ලිමිට් ඕඩර්ස් (Limit Orders) :- මිලදී ගැනීමකට හෝ විකිණීමකට අදාලව මිල නියම කිරීමක් සහිතව ඉදිරිපත් කරනු ලබන නියෝග (Orders). උදාහරණයක් ලෙස ගලධාරි හෝටලයේ කොටස් රු 31 ට මිලදී ගන්න යනුවෙන් කරනු ලබන ඕඩරයක් ඉදිරිපත් කල හැක.

මාර්කට් ඕඩර්ස් (Market Orders) :- මිලදී ගැනීමකට හෝ විකිණීමකට අදාලව මිල නියම කිරීමකින් තොරව ඉදිරිපත් කරනු ලබන නියෝග (ඕඩර්ස්). මෙහිදි සිදුවන්නේ මිලදී ගැනීමකට අදාල ඕඩරයක් නම් ඒ අවස්තාවේ කොටස් විකිණීමට කැමැත්තෙන් සිටින පුද්ගලයකු ඉදිරිපත් කරන මිලට මිලදී ගැනීමයි. කොටස් විකිණීමකදි නම් ගැනුම්කරු ඉල්ලන මුදලට විකුණා දැමීම සිදුවේ.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

Kasun said...

මේ Five Day Orders කතාව කලින් මේකෙ දාල තිබුන නම් මට PAP එක ගන්න තිබුනනෙ.:( අයියෝ මට දුකයි දෙයියනේ ඒක ගැන.

දිනිත් said...

අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ...ඔක්කොම පෝස්ට් ටික එකසැරේ කියවල ඉවර කරා..

පිටරට ඉන්න මම වගේ කෙනෙකුට CDS account එකක් විවෘත කර ගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද ?

Chart Reader said...

@කසුන්: ඒක තමයි නේද?...

@දිනිත්: සාමාන්‍ය ආකාරයටම CDS account එකක් අරින්න පුළුවන්...

මේ ගැන ඊළඟ පෝස්ට් එකෙන් දැනුවත් කිරීමක් කරන්න උත්සහ කරන්නම්...

Madhawa Habarakada said...

GTC, GTD, FOK, ganath kiyanna.

@Dinith: kisima aulak ntiwa puluwan. habai oyata SIERRA Account ekak oner wenawa.

Post a Comment