කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම

දෙවන අදියරේ පළමුවන ලිපිය විදිහට අද ඉදිරිපත් කරන්න හදන්නෙ කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම සිදුකරන්නෙ කොහොමද කියන එකයි. මෙතනදි ආයෝජකයෙක් විදිහට අපිට කොටස් තැරැව්කාර සමාගමක උදව්ව අවශ්‍ය වෙනව.

තැරැව්කාර සමාගම්
තැරැව්කාර සමාගමක් යනු කොටස් වෙළඳපළ සහ ආයෝජකයා සම්බන්ද කරන අතරමැදි ආයතනයකි. තැරැව්කාර සමාගමක කාර්ය භාරය වෙන්නෙ ආයෝජන උපදෙස් ලබාදෙමින් ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කිරීම සහ ආයෝජකයින් ලියාපදිංචි කරගැනීමයි.

ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු සිදුකිරීම තැරැව්කාර සමාගමක කාර්යය වුනත් ආයෝජකයාගේ අනුදැනුමින් තොරව කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමකට අයිතියක් නැත. 

* ආයෝජකයා ලබාගන්නා කොටස් සඳහා නියමිත දිනයට පෙර අදාල වටිනාකම ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක ඒ මුදල් ලබාගැනීම සඳහා කොටස් විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමට අයිතිය ඇත. 

තැරැව්කාර සමාගමක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තැරැව්කාර ගාස්තුවයි. මේ වන විට තැරැව්කාර සමාගම් 23ක් පමණ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබාගෙන ඇත.

කොටස් වෙළඳපළට පිවිසීම
මුලින්ම කිව්ව විදිහටම කොටස් වෙළඳ පළට පිවිසෙන්න අපිට තැරැව්කාර සමාගමක උදව්ව ඕන වෙනව. ආයෝජකයෙක් විදිහට මුලින්ම කරන්න තියෙන දෙය තමයි තැරැව්කාර සමාගමක් තෝරාගෙන ඒ හරහ කොළඹ කොටස් වෙළඳපළ ( CSE ) තුල ලියාපදිංචි වෙන එක. තමන්ට ගනුදෙනු කිරීමට තැරැව්කාර සමාගමක් තෝරා‍ගැනීමේදී  තමන්ගෙ අවශ්‍යතාවයන් සහ ආයෝජන අරමුණ පිළිඹඳව එහි සිටින ආයෝජන උපදේශකයකු සමඟ කතාබහ කිරීමෙන් පසුව තීරණයක් ගැනීම තරමක පහසුවක් වීමට ඉඩ තියෙනව.

මේ ආකාරයට ලියාපදිංචි වීමෙන් අනතුරුව තම තැරැව්කාර සමාගම ලබාදෙන බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් කොටස් මිලදී ගැනුම් විකුණුම් කිරීමේ හැකියාව ආයෝජකයාට ලැබෙනව.

කොටස් මිළදී ගැනීම් සහ විකිණීම් කල හැකි ආකාර
කොටස් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබුනු ආයෝජකයෙකුට තමන්ගේ ගැනුම් විකුණුම්, දුරකතනය හරහා තමන්ගෙ ආයෝජන උපදේශක වරයා සම්බන්ද කරගැනීමෙන් කරන්න පුළුවන්. මෙහිදී ඉතාමත් වැදගත් කරුණු කීපයක් ආයෝජකයා තේරුම් ගත යුතුවේ.
  1. පැහැදිලිව තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීම : උදාහරණයක් ලෙස ආයෝජකයෙකු මේ වන විට මිලදී ගැනීමට හොඳ කොටස් පිළිඹදව  තමන්ගේ උපදේශකවරයාගෙන් අසන්නේ නම්, තමන් හොඳ කොටස් යනුවෙන් හඳුන්වන්නේ කුමන ආකාරයේ කොටස්ද යන්න පැහැදිලි කල යුතු වෙනව. ආයෝජන උපදේශක වරයා හොඳ කොටස් ලෙස හඳුන්වා දෙන්නේහොඳ ප්‍රතිලාභයක් ලබාගැනීමට අවම මාස 03ක් පමණ කාලයක් ගතවන කොටස් යැයි සිතමු. නමුත් ආයේජකයා‍ හොඳ කොටස් ලෙස හැදීන්වූවේ සතියක පමණ කාලයකින් ප්‍රතිලාභයක් ලැබිය හැකි කොටස් පිළිඹඳව වුවහොත් ආයෝජකයාට යම් අපේක්ෂා භංගත්වයකට පත්වීමට සිදුවේ.
  2. ආයෝජන උපදේශකවරයා අනාගතය දකින්නෙක් නොවන බව: ආයෝජකයින් බොහෝමයකගේ ඇති වැරදි අදහසක් වන්නේ ආයෝජන උපදේශකයාගේ අදහස් හා තීරණ හැම විටම නිවරදි විය යුතුය යන්නයි. නමුත් එය හැම විටම එලෙස සිදුනොවේ. ආයෝජන උපදේශකයෙක් යම් සමාගමක කොටස් නිර්දේශ කිරීම හේ ඒ පිළිඹද අදහස් දක්වන්නේ ඒ ඒ අවස්තාවේ තිබෙන තත්ත්ව යටතේ බැවින් එය කාලයත් සමඟ වෙන්ස් වීමක් විය හැකිය.
  3. ආයෝජන උපදේශකවරයාට සිටින එකම සේවාදායකයා තමන් නොවන බව: එක් ආයෝජන උපදේශකවරයකුට සේවා දායකයන් ‍විශාල පිරිසක් සිටින බැවින් ඔහු සම්බන්ද කරගැනීමට ඇති දුරකතනය කාර්යබහුල වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව ආයෝජකයා තේරුම් ගත යුතුවේ. 

*
* සාර්ථක ආයෝජකයින්ගේ උපදේශක් නම් ආයෝජන උපදේශකයන්ගේ උපදෙස් මත තම තීරණ නොගත යුතු බවයි.



තවත් කොටස් ගැනුම් විකුණුම් කල හැකි ක්‍රමයක් වන්නේ මංගත ගනුදෙනු (Online Trading) කිරීමයි. මෙහිදී ආයෝජන උපදේශක වරයා හා සම්බන්ද වීමකින් තොරව තමන්ගේ කොටස් ගැනුම් විකුණුම් සිදුකිරීම තමන්ටම සිදු කල හැකිය. මේ සඳහා තමන්ගේ තැරැව්කාර සමාගම මෙම පහසුකම සපයන තැරැව්කරුවෙකු විය යුතුය.

ගනුදෙනු සිදුවන ආකාරය පිළිඹදව තවදුරටත් ඊළඟ ලිපිය හරහා බලාපොරොත්ත වන්න. තවද මෙහි යම් තැනක ඔබට ගැටලුවක් ඇත්නම් හෝ වරදක් ඇත්නම් ඔබට එය කමෙන්ටුවක් හරහා ඉදිරිපත් කල හැකිය. 
...........................෴

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

8 comments:

Anonymous said...

හොද පැහැදිලි කිරිමක්...දිගටම ලියමු..යාලු..

bingo said...

උදාහරණ තැරව් සමාගම් කීපයකට ?
එතකොට broker firms වල brokers, advisers ඔක්කොම ඉන්නවද?

- නිල් අහස - said...

කොච්චර වැඩ තිබ්බත් මේක නම් ෆලෝ කරනවා.

Chart Reader said...

ස්තූතියි අසනි. :)

@bingo: සාමාන්‍ය භාවිතයෙදි බ්‍රෝකර් කෙනෙක් කියන එක පාවිච්චි කරනව තැරැව්කාර සමාගම හඳුන්වන්නත්, ආයෝජන උපදේශකයෙක් හදුන්වන්නත්...
හරිවිදිහකට කියනව නම් තැරැව්කාර සමාගම් වල ආයෝජන උපදේශකයො ඉන්නව :)

@නිල් අහස: :)

bingo said...

ahhhh!!!!! examples????

Chart Reader said...

@bingo: අහන ප්‍රශ්නෙ පැහැදිලි නෑ මිත්‍රය... තැරැව්කාර සමාගම් වලට උදාහරන නම් අහන්නෙ
1. කැපිටල් ට්‍රස්ට්
2. ලංකා සිකියුරිටීස්
3. ඒෂියා සිකියුරිටීස්
4. ජෝන් කීල්ස් ස්ටොක් බ්‍රෝකර්ස්
...........................

Kasun said...

එළ එළ ඔහොම යමු සහෝ.

Madhawa Habarakada said...

හොඳ පැහැදිලි කිරීමක්. සරළව.

______________
http://www.guidetocse.com
http://qna.guidetocse.com

Post a Comment