ආයෝජන වර්ග සහ ආයෝජන පියවර

කලින් ලිපියෙන් ආයෝජන ගැන පොඩි හැඳින්වීමක් ඉදිරිපත් කෙරුණනෙ. ඒක කියවපු නැති කට්ටිය මුලින්ම ඒක කියවල ඉන්න එක හොඳ වෙයි. මේ තියෙන්නෙ ඒ ලිපිය ඉතිරි කිරීම් සහ ආයෝජන. ඊළඟ කොටස විදිහට මුලින්ම කතාකරන්න යන්නෙ ආයෝජන වර්ග පිළිඹඳව.

ආයෝජන වර්ග/මාර්ග කියන කොටස පැති කීපයකට ගෙනියන්න පුළුවන් වුනත් මූලිකවම මේ බ්ලොග් අඩවියෙ අරමුණ කොටස් වෙළඳපළ සහ කොටස් ගැන කතා කිරීම නිසා මෙතනදි කතාකරන්නෙ කාලය කියන සාධකය මත ආයෝජන බෙදෙන ආකාරය.


  1. මධ්‍ය කාලීන ආයෝජන : සාමාන්‍යයෙන් උපරිමය අවුරුද්දකට සීමාවුන ආයෝජන මේ කොටසට අයිති වෙනව. නමුත්, බොහෝ වෙලාවල් වලදි මාස 03 - 06 අතර කාල රාමුවක් ඇතුලෙ  තමයි මධ්‍ය කාලීන ආයෝජන දකින්න ලැබෙන්නෙ.
  2. දීර්ඝ කාලීන ආයෝජන : මේ කොටසට වැටෙන්නෙ අවුරුද්දකට වැඩි කාලයක් සඳහා කරන ආයෝජන. මෙවැනි ආයෝජන වලදී කෙටි කාලීනව කොටස් මිල ඉහල පහල යාම් නොසලකා හැරීමක් සිද්ධවෙනව. මේ නිසා අනවශ්‍ය ආකාරයේ ආතතියක් ආයෝජකයා තුල ඇතිවීම වැල‍කී යනව.
  3. කෙටි කාලීන ආයෝජන:  ප්‍රශ්නයක් ඇති කෙටි කා‍ලීන ආයෝජන ඇයි මුලින් නොදා අන්තිමට දැම්මෙ කියල. කෙටි කාලීන ආයෝජනයක් කියන්නෙ උපරිම මාසයක කාලයක් සඳහා කරන ආයෝජන. ‍බොහෝ වෙලාවල් වලදි ඉතාමත් ඉක්මන් ගනුදෙනු තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසාම වැඩිදෙනෙක් මෙවැනි ගනුදෙනුවලට ආයෝජන කියන නම දෙන්න අකමැත්තක් තියෙනව.

ආයෝජන පියවර
මොනවද මේ ආයේජන පියවර කියන්නෙ?... සරල උදාහරණයක් ගත්තොත්,  පවුලේ සාමාජික සාමාජිකාවක් සමඟ යන විනෝද චාරිකාවක්. නිවාඩු දිනයක් හෝ දින කීපයක් තෝරාගැනීම, යන ස්ථානය, ප්‍රවාහන මාධ්‍ය තීරණය කිරීම වගේ පියවර කීපයක් මූලිකව කරන්න සිද්ධ වෙනව. ආයෝජනයත් මේ වගේම තමයි.  ආයෝජනයක් සිද්ධ කරන්නෙ යම් දෙයක් ලබාගන්න නම් ඒ සඳහා මූලික පියවර කීපයක් අනුගමනය කරන්න සිද්ධ වෙනව. 

1) ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සැකසීම : යම්කිසි පුද්ග‍ලයෙක්ට ලැබෙන මුදලක්  තමන්ට මුදල් අවශ්‍ය තවත් මාසයකින් වුන නිසාම  මාසයක කාලයකට ආයෝජනය කරන්න යෑම බොහොම අවධානම් සහගත ක්‍රියාවක් වෙනව. ඒ නිසා තමන්ට දැරිය හැකි මුදලක් ආයෝජනය කිරීම සෑහෙන වැදගත් කාරණයක්. දැරිය හැකි මුදලක් කියන එකෙන් අදහස් වෙන්නෙ අඩුම තරමින් මාස 06ක කාලයක් වත් එම මුදල් පරිභෝජනයට නොගෙන ඉඳීමේ හැකියාවක් ඇති මුදලක් කියන එක. ආයෝජනයට මුදලක් සොයා ගැනීමයි, දැරිය හැකි මුදලක් සොයාගැනීමයි කියන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් නිසාවෙන් ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සකස් කිරීම කියන්නෙ ආයෝජනයට අවශ්‍ය කරන මුදලක් සොයා ගැනීමම නොවෙයි. 
බාල්දියකට වතුර පිරෙව්වට වැඩක් නැහැනෙ බාල්දිය හිල් වෙලා නම්. මූලික පසුබිම සැකසීමෙදි තවත් වැදගත් කාරණයක් ‍තමයි මේ සිදුරු වහන එක. පැහැදිලි කරල කියනව නම් අපි මුදලක් ආයෝජනය කරන්න යන්නෙ මාසිකව ආදායමින් සෑහෙන කොටසක් පොළී විදහට වියදම් කරන අතරතුරේ නම් ඒ මුදල ආයෝජනය කිරීමට වඩා පොළී වියදම් නැති කරගැනීම හෝ අඩු කරගැනීම සෑහෙන වටින කාරණයක්. උදාහරණයක් විදිහට ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) වල තියෙන ණය ප්‍රමාණය අඩු කිරීම හෝ පියවීම ආයෝජනයට වඩා වැදගත් තැනක් ගන්නව.

මේ වෙද්දි මූලික පසුබිම සැකසීම කියන කාරණය පිළිඹඳව පොඩි වැටහීමක් ඇති කියල හිතනව. හිතපු තරමට වඩා ලිපිය දිග වැඩි වුන නිසා අදට මෙතනින් නවත්වනව.


ආයෝජන පියවර යටතේ ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම, ආයෝජන සැලැස්ම නිර්මාණය කිරීම,  අයෝජන විකල්ප ඇගයීම,  ආයෝජන කළඹ තීරණය කිරීම,  ආයෝජන කළඹ කළමණාකරණය කිරීම කියන කොටස්  ඊළඟ ලිපියෙන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

bingo said...

හරි තේරුණා ඉතුරු ටික ..

පිස්සු පුසා said...

හොදයි..මාත් ස්තාවර තැන්පතුවක් දාලා තියෙනවා.දැනට අවුරුදු 2කකට කලින් ඒකට 19.5% පොලී වශයෙන් බැංකුව ගෙව්වා.නමුත් මේ කඩාවැටීම නිසා දැන් ගෙවන්නේ 9.5%ක පොලියක්.

පන්සල් හංදිය said...

හොඳයි .......
සරලයි ....

Post a Comment